දයාසීලි ලියනගේ
වී, උක්, බඩ ඉරිඟු ඇතුළු බෝග වර්ග 100 කට පමණ තදබල ලෙසින් හානි පමුණූවන ‘සේනා’ (fall army worm) නමින් හඳුන්වන භයානක දළඹු විශේෂයක් අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව යන ප්‍රදේශවල සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
මෙම දළඹුවාට එක් රැයකින් අක්කර 100 ක වගාවක් විනාශ කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම දළඹුවා පළමුවෙන් සොයාගෙන ඇත්තේ නයිජීරියාවෙනි. පසුව ඉන්දියාවේ සිටින බව ද වාර්තා වී ඇත.
මෙම දළඹුවා ශ්‍රී ලංකාවේ සිටින බව මේවනවිට සොයා ගෙන ඇති අතර එම සත්ත්වයා මර්දනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කෘමිනාශක හඳුන්වා දී ඇත.