‘‘එක වේලක් කනවාද වේල් තුනම කනවාදැයි හිතන්න‘‘


(රවී ලියනගේ)

අගෝස්තු 05 ඡන්දය ලබාදී මේ රටේ ජනතාව තීරණය කළ යුත්තේ සහෝදරයින් දෙන්නාට ඡන්දය දී එක් වේලක් කනවා ද එජාපයට ඡන්දය දී වේල් තුනම කනවා ද යන්න බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ( 02) ගාල්ලේදී පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

     ‘‘අගෝස්තු 05 පනවත්වන ඡන්දය දේශපාලනඥයක්ගේ ඡන්දයක් නෙවේ. ඡන්ද දායකයින් වන ඔබගේ ඡන්දයක්. ඔබයි තීරණය කරන්නේ කවුද එවන්නේ කියලා. මේක ඔබේ ඡන්දය.

අගමැති පත් කරන්නේ මේ ඡන්දයෙන්, පාර්ලිමේතුව පත් කරන්නේ මේ ඡන්දයෙන්. මේක ඉතාම වැදගත් ඡන්දයක්. ඒ නිසා ඒ සඳහා ඔබේ අවදානය යොමු කරන්න. ඔබේ ඡන්දය ලබා දෙන්න පෙරමුණ ගන්න.

අද ආණ්ඩු බලය සඳහා ඉදිරිපත් වන්නේ පක්ෂ දෙකයි. ඒ එජාපය හා පොහොට්ටුව අනිත් අය එන්නේ වෙන වැඩ වලට. එක පක්ෂයක් කියනවා ශක්තිමත් විපක්ෂයක් හදනවා කියනවා , තව එකක් කියනවා උතුරේ ප්‍රශ්න විසදනවා කියනවා. තව පිරිසක් මට බනිනවා. ඒ දේවල් වලට එන පක්ෂ වලට ඔබේ ඡන්දය නාස්ති කරන්න අවශ්‍ය නෑ.  මේ ඔබේ තීරණය. මේක අතහරින්න එපා. මේ ක වැදගත් සංදිස්ථානයක්.

ඔබේ අනාගතය තීරණය කරන ඡන්දයක් මේක. මමත් මේකෙදී ඡන්දය දෙන්නේ ඡන්ද දායකයෙක් හැටියට. අපි ඔක්කොම එදාට තීරණය කරන්නේ රටේ අනාගතය ගැන. අපිට මේ අයිතිය  ලබා දුන්නේ ඩී.එස්.සේනානායක. ඒ නිසා කරුණාකරලා මේ අවස්ථාව අතහරින්න එපා. කරුණාකරලා ඡන්දය දෙන්න.

සමහරු කියනවා මේ දේශපාලන පක්ෂවලින් වැඩක් නෑ කියලා. එදා ජනාධිපතිවරනයේ දී තිබුණු උනන්දුව අද නෑ. දේශපාලනඥයින් හොද නෑ කියලා පිටින්ම එක්කෙනෙක් ගෙනවා.

අද එකත් හොද නැති වෙලා. මේක ඔබේ ඡන්දය මේ අවස්ථාව අතහරින්ද එපා. මුන්ගෙන් වැඩක් නෑ, කොරොනා කියලා ඡන්දය දෙන්නේ නෑ කියලා ඡන්දය අතහැරියොත් රටට ද්‍රොහීන් වීමක්. ප්‍රජාතන්ත්‍රවාදයට ඡන්දය දුන්නේ නැත්නම් ඒකාධිපතිවාදය ජයගන්නවා.

අපි කොහොමද මේ කොරොනා වලට මුහුණ දෙන්නේ. කට්ටියක් කියනවා දැන් කොරොනා හොඳයි කියලා. ඇත්ටම හොදයි ද නැද්ද? ඒ ගැන සංවාදයක් ගොඩ නගන්න ඕන. අද කොරෝනා අර්බුදයක් තියනවා. සමහර රටවල් කොරෝනා වලට මුහුණ දෙනවා ආර්ථික අර්බුදය ජයගන්න ගමන්. අපිත් කරන්න ඕන ඒ විදියට. එජාපයට තියෙන්නේ අන්න එහෙම රට ගොඩනඟන වැඩපිළිවෙලක්. එහෙම නැතිව අපි කොරෝනා දිනුවා කියලා හිතලා ඉදලා වැඩක් නෑ. අපි කියන්නේ කොරෝනා එක්ක අපි ජීවිතය හැඩ ගස්සවා ගත යුතුයි. අපි කියන්නේ පරීක්ෂණ 5000ක් වත් කර යුතුයි.

එජාපය මේ බලයට එන්න හදන්නේ ජනතාවගේ අතට මුදල් දී රටේ ආර්ථිකය හදන්න. අපි හොද වෙලාවට පසුගිය කාලය තුල මුදල් ඉතුරු කරලා ගියපු නිසා දැන් මේ ආණ්ඩුව ණය වාරික ගෙවනවා.

මේ අය සතයක් හම්බකොරලා නෑ. දෙසැම්බර් 31 වන විට ඩොලර් මිලියන 2500 ක් ගෙවන්න තියනවා. බලවෙන්න දෙයක් නෑ. අපි ඒ මුදල් ඉතුරුකරලා ගියේ.

අපිට රටක් විදියට මුදල් නැත්නම් අපි මොකද කරන්න ඕන. රුපියල් මිලියන වලින් 150000 ක් එකතු කරා මම පසුගිය කාලය තුල. මේ ආණ්ඩුව ඇවිල්ලා බදු අඩුකරලා ඔක්කොම කෑවා.

මේ ආණ්ඩුවසතයක් ඉතුරු කළේ නෑ. අද අමාරු තත්වයට ඇවිල්ලා ඉන්නවා. මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන් එජාපයට විතරයි. ඒ සඳහා වැඩපිළිවෙලක් සහිතව ඡන්දයට ඉදිරිපත් වෙන්නේ එජාපය පමණයි.

2001 දී මම මේ ආර්ථික ආර්බුදයෙන් මිදෙන්න අවශ්‍ය වැඩ කළා. 2015 දී නැවත මම ඒ දේ කළා. දැන් මට 2019 දී ඒ වැඩ පිළිවෙල කරන්න එජාපයට වැඩ පිළිවෙලක් තියනවා.

අපේ නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුල ජනතාවට මුදල් ලැබෙනවා, ආර්ථිකය නිවැරදි  තැනට එනවා. ව්‍යාපාර දියුණු වෙනවා. ඒ තැනට ගේන්න නම් එජාපය බලයට එන්න ඕන.

නොවැම්බර් මාසයේ එජාපයේ අපිට ජනතාව පණිවිඩයක් දුන්නා. අපි ඒ විදියට වෙනස් වෙනවා. වෙනස් වුණා. අළුත් මුණු අපිට ඕන. අපි අළුත් මුහුණු ඉදිරිපත් කරලා තියනවා.  ඒ විදියට තමයි මේ පක්ෂය වෙනස් වෙන්නේ. ඒ ආකාරයෙක් ඔබේ අනාගතයට හරියන වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියනවා.

ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලනවා. මේ අයට තුනෙන් දෙකක් දුන්නාම කොරොනා බය වෙලා ආයිත් යනවද? වෙන රටවල් ආධාර දෙනවද? නෑ. අපි ගොඩඑන්න ඕන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කල යුතුයි. අපි ගොඩඑනවා  ද යට යනවාද කියලා අද තීරණය කරන්න වෙනවා. ඒ තීරණය තමයි ඔබ අගොස්තු 05 ගත යුත්තේ.

සහොදරයින් දෙන්නට ඡන්දය දීලා එක වේලක් කනවා ද එජාපයට ඡන්දය දීලා තුන්වේලක් කනවද කියලා ඔබ තීරණය කළ යුතුයි.

අපි ඒ සඳහා හොද තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියනවා. අගොස්තු 05 ඒ තීරණය නිවැරදිව ගන්න. එජාපයට ඡන්දය දීලා නැවත රට ගොඩනඟන වැඩපිළිවෙලට දායක වන ලෙස මම ඉල්ලා සිටිනවා. යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.