‘සත්කාරක සේවා පුහුණු පාඨමාලාව’ නිම කළ සිසුන්ට සහතික පත්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ ත්‍රෛමාසික ‘සත්කාරක සේවා පුහුණු පාඨමාලාව’සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පත්‍ර ලබාදීමේ උත්සවය සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (06) පැවැත්විණ.
 
 මෙම අවස්ථාවට   සංචාරක හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු , අමාත්‍යාංශ ලේකම් එස්.එම්.මොහොමඩ් යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.