‘මම ජනාධිපති ලෙස පත් වුණාට පස්සේ හොයාගත්ත පළමු අඩුපාඩුව තමයි පාසල්වල ඩෙස්පුටු හිගය වැසිකිලි කැසිකිලි නොමැතිකම පානීය ජල ප‍්‍රශ්නය. ඒ අනුව පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පැසල්වලට පමණක් ඩෙස් පටු ගැනිමට රුපියල් කෝටි නවයක මුදලක් බෙදුවා‘ යැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (24) හිගුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය හා තාක්ෂණ පිඨය විවෘත කිරිමට එක්වෙමින් කීවේය.
‘අපේ රටේ සංවර්ධන වැඩවලදි පුද්ගලික අයගේ මතවලට වැඩ කරනවා.කොයි දේ කරන්න ගියත් බොහො වෙලාවට සංවර්ධනයේ සමබරතාවය මත නොවෙයි එක් එක්කෙනාගේ පුද්ගලික මත අනුවයි ලැබෙන මුදල් වියදම් කරන්නේ. මෙය දැනුත් ඇතැම් පලාත්වල තවමත් බරපතල ලෙස සිදු වෙනවා. මේ නිසා අපි ලබන වසරේ ඉඳලා චක‍්‍රෙල්ඛනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා‘ යැයි ජනපති කීය.