(අනීෂා මානගේ)
‘විශ්වාසභංගයකට අපේ පක්ෂයේ නායකතුමා මුහුණ දුන්නා. විශාල ඡන්ද ප්‍රමාණයකින් එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්නුවා. අපේ පක්ෂයේ ගෞරවය අභිමානය රැකගත්තා. පොහොට්ටුවෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් හොරුත් සමග හෙළුවෙන් හිටගත්ත කට්ටියගේ හැටි අපි දැනගත්තා. පක්ෂයක් නැති පක්ෂයකට නායකත්වය ලබා දීපු පොහොට්ටුව අසරණ තත්වයට පත්වෙන මොහොතක් උදා වෙලා.‘ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙආරච්චි මහතා පවසයි.
අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසූයේ අද (06) තංගල්ල නගරසභාවේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
‘යම් ඇමතිවරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා නගරසභාවේ බලය අපි රිමෝට් එකක් අනුව වැඩකටයුතු කරනවා කියලා. නගරසභාවේ වැඩකටයුතු කරද්දී දණගස්වනවා කියලා. ඒ ඇමතිවරයාට මේ නගරසභාවේ බලය නෙවී මේ මැතිවරණයේ එක කොට්ඨාසයක්වත් ජයග්‍රහණය කරන්න බැරි වුණා.
එතුමා උපන් ගම එතුමා ජීවත්වෙන ගම අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව එතුමාගේ කොට්ඨාශයවත් ජයග්‍රහණය කරන්න බැරි වුණා. මම එතුමට කියනවා මේ තංගල්ල නගරයේ අභිමානය අයිති අපිට. පක්ෂයේ අභිමානය රැකගන්න තංගල්ලේ ඔසවපු කොඩිය මුළු දිස්ත්‍රීක්කයේම ඔසවනවා කියන එක කියන්න ඕන. ඒ අයගේ නිරුවත පාර්ලිමේන්තුවේදී අපි ඊයේ හෙළි කළා.