‘ලිදුල නගර සභාවට ලක්ෂ 37 ක බදු අය වී නෑ’ - සභාපති



 
(රංජිත් රාජපක්‍ෂ)  

ගතවු වසර දෙකහාමාරක කාලයක් පළාත් පාලන ආයතනවල නිසි පාලන බලයක් නොමැතිකම හේතුවෙන් තලවාකැලේ ලිදුල නගර සභාවට පමණක් ලක්‍ෂ 37 ක බදු මුදල් අයව නොමැති බව තලවාකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා අවධාරණය කරයි.

ගතවු වසර දෙකහාමාරක පමණ කාලයක් පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරයකු යටතේ පාලනය වීම හේතුවෙන් තලවාකැලේ ලිදුල නගර සභාවට පමණක් රැපියල් ලක්‍ෂ තිස්හතක බදු මුදල් අයවී නොමැති බව තලවාකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කිය.

මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු අද (11) මෙසේ පැවසීය.

තම නගර සභාවේ විගණන හා කළමනාකරණ නිළධාරින් සමඟ පැවති සාකච්ජාවකදී මෙම බදු මුදල් අයවී නොමැති බවට කරුණු සනාථ වු බවයි.

ගතවු වසර දෙකහාමාරක කාලය තුළ විශේෂ කොමසාරිස්වරයාට පළාත් පාලන ආයතන වල කාර්ය භාරයන් රැසක් චක‍්‍ර ලේඛනවලට අනුකුලව සිදුකිරිමට බැඳී සිටි නිසා මෙම මුදල් අය කිරිම ප‍්‍රමාදවී ඇති බව සභාපතිවරයා කීවේය.