රට අභ්‍යන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල විටින් විට තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් තැනින් තැන සිහින් වැසි ඇතිවේ. ඌව පළාතේත්, මඩකළපුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. අනෙකුත් ප්‍රදේශවල තවදුරටත් පැහැබර කාලගුණයක් පවතිනු ඇත.
හම්බන්‍තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක