‘මැදිරිගිරියට ප්‍රාදේශිය ලේකම්වරයකු ඕනෑ‘


මැදිරිගිරිය  ප‍්‍රාදේශිය  ලේකම් කාර්යාලයට වසරකුත් මාස 02ක්  ලේකම්වරයකු නොමැති වීමෙන් එම ප‍්‍රදේශයේ ජනතාව දෛනික රාජකාරි කටයුතු සිදු කර ගැනිමේ දී දැඩි අපහසුතාවයට පත්ව සිටින බව කියති.


අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මැදිරිගිරිය ප‍්‍රදේශයේ ජනතාවගේ තම රාජකාරි කටයුතු  නිසියාකාරව ඉටුකර ගැනිමට  මැදිරිගිරිය ප‍්‍රාදේශිය කාර්යාලයෙන් නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජනතාව පවසති.


‘මෙතෙක් කාලයක් සතියට දවස් දෙකක් තුනක් වැඩ බලන ප‍්‍රදේශිය ලේකමිවයෙක් කොහෙන් හරි එනවා.   ඒක ඊටත් වැඩිය ගැටලුවක්. මොකද ඉන්න සහකාර ලේකම්ට වැඩබලන කෙනාගෙන් අහන්නේ නැතුව වැඩක් කරන්නත් බෑ‘ යැයි ඔවුහු කියති.


මේ සම්බන්ධයෙන් රංජිත් ආරියරත්න පොළොන්නරු දිස්ති‍්‍රක් ලේකම්වරයා  පවසා සිටියේ  මැදිරිගිරියට ප‍්‍රාදේශිය ලේකම්වරයෙකු ලබා ගැනිම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට  දැනුම් දි ඇති බවත් පළමු ශ්‍රේණියේ නිලධාරින්ගේ හිගයක් රටේම පවතින බවත්ය.හැකි ඉක්මනට ප්‍රාදේශීය ලේකම්වරයකු මැදිරිගිරියට ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.