‘මැද රට වැඩිහිටියන්ගේ ස්ථුලභාවය වැඩිවෙයි‘


මධ්‍යම පළාතේ වැඩිහිටියන්ගෙන් සියයට 50 ට ආසන්න ප්‍රමාණයක් ස්ථුලතා‍වයෙන් පෙළෙන බවත් කුඩා දරුවන්ගේද ස්ථු‍ලභාවය ඉතාමත් බහුල ලෙස වැඩි වෙමින් පවතින බවත්  මැතකදි කළ පරික්ෂණ වලදි තහවුරු වු බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පිඨයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය සුධිර කළුපහණ මහතා පවසයි.

මහාචාර්‍ය සුධිර කළුපහණ මහතා මෙසේ පැවැසුයේ පසුගියදා මහනුවරදි පැවැත්වුණු පෝෂණ විද්‍යා වාර්ෂික සමුළුව අමතමිනි.

මේ වන විට සුථුල භාවය මෙරට තුල දැඩි සෞඛ්‍ය ගැටලුවක් වී ඇති බවත් ඒ නිසා විශේෂයෙන්ම බෝ නොවන රෝග වන දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගාබාධ වැළදෙන බවත් 2008 වසරේ සිදුවු  සියලුම මරණ වලින් සියයට 50 ට වැඩියෙන් සිදුවි ඇත්තේ බෝ නොවන රෝග වලින් බවත් 2020 වන විට සියයට 70 කට වඩා බෝ නොවන රෝග වලින් මරණයන් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දි ඇති බවත් ඔහු කීවේය. 

2 3 4