(රංජිත් රාජපක්‍ෂ)
ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ මියයන ගවයන් හා ගව පැටවුන් වළ දැමීම වෙනුවට එම සතුන්ගේ සිරුරු තෘණ බිම්වලට ගෙනවිත් දැමීම නිසා එම ගොවිපළේ විශාල දුගන්ධයක් හා විශාල පරිසර හානියක් සිදුවි ඇති බව එම සත්ත්ව ගොවිපළේ සේවකයෝ පවසති.
දිනපතා එම සත්ත්ව ගොවිපළේ ඇතැම් ගවයන් තෘණ බිම්වලට රංචු පිටින් මුදාහරින අතර එහිදි අසනිප තත්ත්වයේ සිටින ගවයන් එම තෘණ බිම්වල මියයන බවත් සත්ත්ව ගොවිපළේ අලුතින් බිහිවි මියයන ගව පැටවුන් මෙසේ තෘණ බිම්වලට ගොවිපළේ බලධාරින් විසින් ගෙනවිත් දමනු ලබන බවත් සේවකයෝ කියති.
කොත්මලාඔයේ ප‍්‍රධාන ජල මුලාශ‍්‍ර කිහිපයක් බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළ තුල ඇති බවත් එම ජල මුලාශ‍්‍ර හරහා ලබා ගන්නා ජලය තම නිවසේ අවශ්‍ය කටයුතු සදහා භාවිත කරන බවත් ඔවුහු කීහ.
මේ පිළිබදව සේවකයින් තමන් ගොවිපළේ පාලන අධිකාරියට පැමිණිළි කළද ඒ පිළිබදව සත්ත්ව ගොවිපළේ බලධාරින් මුණිවත රකින බව ඔවුහු කියති.
එසේ තෘණ බිමි වෙත ගෙනවිත් දමා ඇති මියගිය ගවයන්ගේ නරක් වූ සිරුරු සහ අස්ථි කොටස් දැකිය හැකිය.
එම සත්ත්ව ගොවිපළ තුළ විශාල වශයෙන් ගවයන් විවිධ රෝගාබාධවලට ලක් වී අසාධ්‍ය තත්ත්වයේ සිටින බවත් බලධාරීන්ට ඇති බිය නිසා තමන් මාධ්‍යයට ප‍්‍රසිද්ධියේ අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවත් ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් එම සත්ත්ව ගොවිපළේ කළමනාකාරවරයා සම්‍බන්ධකර ගැනිමට අවස්ථා කිහිපයකදි ගත් උත්සහය අසාර්ථක විය.