(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රී ලංකාවේ පොල් ඉඩම් කට්ටි කිරීමේ දී ක්‍රියාත්මක කළ යුතු නීති පද්ධතිය වහාම රට තුළ නීතියක් බවට ක්‍රියාත්මක කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු වූ පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර සිටීති .
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (8) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය සති කිහිපයේ දිවයිනේ පොල් ඉඩම් කට්ටි කර අලෙවි කිරීම නිසා සිදුවන මහා විනාශය පිළිබඳව ද සංවිධාන මාධ්‍ය මඟින් මෙන්ම ජනාධිපතිවරයා ගේ ද අවධානය යොමු කිරීමෙන් පසු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා තම සංවිධානය අතර සාකච්ඡාවක් පැවැති බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
එහිදී කරුණු තුනක් පිළිබඳව එකඟතාවය පළ වූ බවත් එම කරුණු තුන වහාම නීතියක් බවට ක්‍රියාත්මක කරන ලෙසත් එසේ ක්‍රියාත්මක නොකරන්නේ නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දැඩි තීන්දු තීරණ කිහිපයකට එළඹෙන බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.