‘නීති විරෝධී ධීවර ක්‍රම තහනම් කිරීමට කැපවී සිටිනවා‘


බොටම් ට්‍රෝලින් ක‍්‍රමය ඇතුළු නීතිවිරෝධී අන්දමින් මසුන් ඇල්ලීමේ ක‍්‍රම තහනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, මසුන් ඇල්ලීමේ ජාත්‍යන්තර ක‍්‍රමවේදයන්ට අනුකූලව ශ්‍රී ලංකාව හැමවිටම කටයුතු කරන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් නුවරදී ඉකුත් 15 වැනිදා පැවැත්වූ ‘‘2016 අපේ සාගර සමුළුව ’’ අමතමින් විදේශ  අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

එසේම විනාශකාරී ධීවර ආම්පන්න ක‍්‍රමය තහනම්කිරීම මෙන්ම ,කාර්යක්ෂම ධීවර කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ක‍්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර සිටී.