‘දකුණේ පාසල් සංවර්ධනයට මිලියන දෙදහසක්‘


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන “ළඟම පාසල හොඳම පාසල“ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් වල සංවර්ධන කටයුතු සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘති 705ක් සඳහා රුපියල් මිලියන 2171ක මුදලක් අනුමත වී ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂක   තිලක් චන්ද්‍රසේන මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසුවේය.

මෙයින් ව්‍යාපෘති 274ක වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 1028ක් ලබා දී ඇති බවත් ඉතිරි ව්‍යාපෘති වලින් සියයට 90ක ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු  සිදු කර ඇති බවත් ඒ මහතා පැවසීය.