‘තායිලන්තයේ දියුණුව ආදර්ශයට ගත යුතුයි‘


ථේරවාදී බුද දහම පවතින රටක් ලෙස තායිලන්තය ලැබූ දියුණුව ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවද දියුණු රටක් බවට පත් කිරීමට අධිෂ්ඨාන කරගතව යුතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටහේන දීපදුප්තමාරාමයේ පැවැති තායිලන්තයේ භූමිබෝල් රජුගේ අභාවය වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවකට එක්වෙමින් පැවසීය.

භූමිබෝල් රජුගේ සමයේ දී තායිලන්තයේ සුවිශේෂී දියුණුව අත්කරගත් බව සඳහන් කළ අගමැතිවරයා තායි ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනීමට විශාල ශක්තියක් වූ භූමිබෝල් රජුට ශ්‍රී ලංකාවේ බෞද්ධයන් පමණක් නොව හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ඇතුළු සියලු ලාංකිකයන් වෙනුවෙන් ප්‍රණාමය පුද කරන බවද කීය.

IMG_7886 IMG_7889 IMG_7918 IMG_7981