‘උඩවලව්ව‘ ප්‍රතිසංස්කරණයට


කන්ද උඩරට  හුන්නස්ගිරිය උඩුදුම්බර මීමුරේ ගම්මානයේ ඇති  ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් දෙදෙනකු  සගවා සිටි ස්ථානය ලෙස සැලකෙන “උඩවලවුව” පුරාවිද්‍යා  දෙපාර්මේන්තුව මධ්‍යම පළාත්  අධ්‍යක්ෂ කාර්යාල මගින් ප්‍රතිසංස්කරණය  කිරීම  ආරම්භ කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ එල්.එම් ගුණතිලක බණ්ඩා මහතා සදහන් කරයි 

ශ්‍රී වික්‍රම රජ සමයේ  සිංහල උළු සෙවිලිකර තිබු මෙම උඩවලවුව  පසුකාලීනව පිදුරු සෙවිලි කළ බවත් පිදුරු සෙවිලි කිරීම අපහසු කාර්යක් වූ බැවින් තහඩු සෙවිලි කළ බවත් වත්මන් හිමිකරු උඩවලවුවේ  රන්ජන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

පළමු අදියර යටතේ ඉදිරි වර්ෂාවට පෙර වලවුවේ පියස්ස  ප්‍රතිසංස්කරණය කර බිත්ති  ආරක්ෂා කිරීමට  කටයුතු කරන බව අධ්‍යක්ෂ වරයා කියයි.