(කාංචන කුමාර ආරියදස )
දේශීය ලොකු ලූනු ගොවියා සහ අර්තාපල් ගොවියා වගාව ආරම්භ කිරීමට සූදානම් වෙද්දී රජයේ විද්‍යාත්මක ඇමතිවරුන් විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ලූනු වලට බදු මුදල් පනවා පාරිභෝගිකයාත් ගොවියා අසරණ කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කර සිටී.
අර්තාපල් අල සහ ලොකු ලූනු විදේශ රටවලින් ගෙන්වන ප්‍රධානම ගබඩා කරන නගරය බවට පත්ව ඇත්තේ දඹුල්ල නගරයයි. ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි එවැනි අල ලූනු තොග ගෙනවිත් ගබඩා කර ඇති ගබඩා පරීක්ෂාවට නාමල් කරුණාරත්න මහතා අද ( 06) මාධ්‍යවේදීන් කැටුව ගියේය.
ලොකු ලූනු ගෙන්වීමේදී බදු මුදල රුපියලක මුදලක් පනවා තිබියදී විදේශීය ලොකු ලූනු සහ අර්තාපල් අල ගෙන්වා සියලු ගබඩා පුරවා ඇති අයුරු හෙතෙම පෙන්වා දුන්නේය.
විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ලූනු සඳහා රුපියල් 40 ක බදු මුදල් පැනවීමට පෙර දේශීය වෙළඳපොලේ අර්තාපල් අල කිලෝ එකක් රුපියල් හැටකට ආසන්න මිලකට අලෙවි වූ බවත් ලොකු ලූනු කිලෝවක් රුපියල් 40 කට අලෙවි වූ බවත් එක වරම බදු මුදල් වැඩි කිරීමත් සමඟ එය දෙගුණයකින් ඉහළ ගිය බව හෙතෙම අවධාරණය කළේය.
එසේ විදේශ රටවලින් ගෙන්වා තිබෙන ගබඩා කර ඇති අල සහ ලුණූ ගබඩා මාධ්‍යවේදීන්ට පෙන්වා දීමෙන් අනතුරුව නාමල් කරුණාරත්න මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී 6 දින මාධ්‍ය අමතමින් කියා සිටියේ.
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මේ වන විට වැඩ පටන් අරන් තිබෙන බවය එමෙන්ම ගොවීන්ට මේ ආකාරයෙන් සහන සැලසීමට නොහැකි නම් වහාම රජය ඉවත්විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ වන විට දේශීය ලොකු ලූනු බීජ තවාන් දමා තිබෙන බවත් බොහෝ ගොවීන් මෙවර වගාව අතහැර දමා ඇති බව ද ලොකු ලූනු කුඩා පැළ කිහිපයක් පෙන්වමින් නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය ඉදිරියේ සඳහන් කළේය.
දේශීය ලොකුලුනු අස්වනු වෙළඳපොලට ඒමට තවත් මාස තුනක හතරක පමණ කාලයක් ගතවන බවද එවැනි කාලවකවානුවක බදු මුදල සියයට 40 දක්වා වැඩි කර ඇති බවද චෝදනා කළේය. ගොවියා ළඟ එකඳු ලූණූ බිකක් හෝ අල ගෙඩියක් වත් නොමැති අවස්ථාවක මෙවැනි ක්‍රියා සිදුකරන්නේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය මත බවද චෝදනා කළේය.
මෙම විද්‍යාත්මකව ලෙස විදේශීය ලොකු ළූණු සහ අර්තාපල් අලවලට මෙයාකාරයෙන් බදු වැඩි කළේ ඇයිදැයි කැබිනට් මණ්ඩලයේ මැතිඇමැතිවරුන් ජනතාවට හෙළි කළ යුතු බවද චෝදනා කළේය.

