‘අධ්‍යාපනයට වෙන් කළ මුදල් වියදම් කරලා නෑ’ – ස්ටාලින් කියයි


මෙවර  අයවැයෙන්  අධ්‍යාපනයට  වෙන් කර ඇති මුදල කප්පාදු කළ බව ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා චෝදනා  කරයි.

2015 – 2016 අයවැයෙන්  වෙන් කළ රුපියල්  බිලියන 185 න් අධ්‍යාපන අමාත්‍යාංශය වියදම් කර  ඇත්තේ බිලියන 40ක් පමණ බවත් ඉතිරි මුදල වියදම් නොකිරිම ගැන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්  සහ බලධාරීන් අවධානය යොමු කළ යුතු බව පවසයි.