‘අගමැතිට මඩ ගහන්න අර්ජුන් අල්ලාගෙන‘


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල කිරීමට බලා සිටින අය කෝප් වාර්තාව නිසා දැන් ඔහුට චෝදනා එල්ල කරන බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ රත්නපුර පැවැති රැස්වීමකදී පැවසූවාය.

‘අගමැතිට මඩ ගහන්න අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා ගත්තා. කොයි තරම් කෑ ගැහුවත් රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන් කරන දේ හංගලා කරන තහන් කරපු දේ හැංගිලා කරපු කෙනෙක් නෙවෙයි. මේ රටේ ඕන කෙනෙක්ට අවබෝධයක් තියෙනවා ඉතිහාසයේ පළමු වතාවට අගමැතිට චෝදනාවක් තිබෙද්දී ඒ චෝදනාව කරන පුද්ගලයන්ට ඒ ගැන හොයන්න වගකීම බාරදී තිබෙනවා.‘ යැයි ද ඇය කීවාය.

IMG_5859 copy IMG_5948 copy