(රංජිත් රාජපක්ෂ)
ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් භාරයේ සිටි කුඩා ළමුන් තිදෙනෙකුට බඹරු ඇන ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ඔල්ඩි වතු යායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ භාරයේ සිටි ළමුන් තිදෙනාට අද(03) දහවල් තේ වත්තේ ඇවිස්සුණු බඹරුන් ඇන තිබේ.
එම අවස්ථාවේ කුඩා ළමුන් බේරා ගැනිමට ගිය කාන්තාවකට සහ වතු කම්කරුවන් දෙදෙනෙකුටද බඹර ඇන තිබේ.
බඹර ඇනීමෙන් තුවාල ලැබු හය දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බගවන්තලාව පොලිසිය පවසයි.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අයගේ තත්ත්වය බරපතල නොවන බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.