හෝමාගම සමූපකාර සමිතියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන්නැයි උද්ඝෝෂණ


(  කේ. බුද්ධික කුමාරසිරි )
 
හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතිය සඳහා සාමාජික ඡන්දයෙන් පත්වන අධ්‍යක්ෂක මණ්ඩලයක් වහාම පත් කරන ලෙස පවසමින් සමූපකාර සාමාජිකයෝ  අද (23)  සමූපකාර සමිතියේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක්  පැවැත්වුහ.


බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් අදාල සමූපකාර සමිතිය සදහා වසරක කාලයකට පත් කරන ලද පාලක මණ්ඩලයේ කාලය අද (23)  අවසන් වන බැවින් සමූපකාර සමිතිය සදහා වහාම ඡන්දයක් පවත්වා නිලධාරී මණ්ඩලයක් පත් කරන ලෙසද මෙහිදි විරෝධතාකරුවෝ පැවසුහ.