හෝමාගම පුස්තකාලය ශනිදා විවෘත වේ


හෝමාගම පනාගොඩ කමලා ජයසිංහ ධර්ම පුස්තාකාලය විවෘත කිරීම හා 2017 නව වසරට සෙත් පතා ධර්ම දේශනාවක් ලබන 31 වැනි දා පැවැත්වීමට නියමිතය.

ජනවාරි පළමු වැනිදා සාංගීක දානයක් ද පැවැත්වීමට නියමිත අතර හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගලගම ශාන්තජීව හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.

විජේදාස ජයසිංහ මහතා හා පවුලේ සමාජිකයන් කමලා ජයසිංහ මැතිණියට පිං පිණිස මෙම දෙමහල් ගොඩනැගිල්ල ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ඉදිකර ඇත.විශ්‍රාමික ගුරුවරියක වන සුමනා වික්‍රමාරච්චි මහත්මිය හා ව්‍යාපාර එස් පියදාස මහතා පුස්තකාලය ඉදිරිපිට බුදු මැදුරක් සාදා පරිත්‍යාග කළහ.පොත් 30000ක් පමණ ඇති මේ පුස්තකාලයේ පාඨක සංඛ්‍යාව 2000ක් පමණ වෙයි.

ශ්‍රී සුදර්ශන සංවිධානය ශ්‍රී සුදර්ශන පාඨක සමාජය ආපදා අවස්ථා වලදී අසරණ සරණ සේවයේ යෙදෙයි.ආගමික වැඩ සටහන් සංවිධානය,ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශීෂ්‍යාධාර ලබාදීම,මානසික උපදේශනය ආදී මෙම පුස්තකාලයෙන් සිදුකරන බව පුස්තකාලාධිපති ශාන්තජීව හිමියෝ පවසති.

unnamed-(1) unnamed