(කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම ප‍්‍රදේශිය සභාවේ අද (26) පැවැති විශේෂ මහා සභා රැස්වීමට කිසිදු න්‍යාය පත‍්‍රයක් ඉදිරිපත් නොකර යෝජනා පමණක් සාකච්ඡා කිරීම පිළිබඳව විරෝධය පා එම සභාවේ ප‍්‍රති පක්ෂය නියෝජනය කරනු ලබන මන්ති‍්‍රවරුන් 19 දෙනෙකු සභාවෙන් නැගිට පිටව ගිය බව ප‍්‍රතිපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර රංග අබේසිංහ මහතා පවසයි.
හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ මංගල සභාව ඉකුත් 5 වැනි දා පැවැති අතර අද (26) විශේෂ මහ සභාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල රංජන් ඉලේපෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විශේෂ මහා සභා රැස්වීම පවත්වන ලදී.
මෙලෙස සභාව වර්ජනය කර පිටව යාම පිළිබඳව ප‍්‍රති පක්ෂය නියෝජනය කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ මන්ති‍්‍ර අරුණ පනාගොඩ මහතා මෙසේ පැවසීය.
‘මේක වැදගත් සභාවක්. මරණාධාර සමිතියක වුවත් න්‍යාය පත‍්‍රයක් තිබෙනවා. මේ විදිහට න්‍යාය පත‍්‍රයක් නැතිව අපිට වැඩ කරන්න බැහැ. හිතේ තියෙන යෝජනා දානවානම් මේකේ තවදුරටත් කි‍්‍රයා කරන්න අපි සූදානම් නැහැ. අපි ප‍්‍රති පක්ෂය නියෝජනය කරමින් ඒකාබද්ධ ලිපියකට අත්සන් තබා තිබෙනවා. මෙම සභාව අද දින අවලංගු කර වෙනත් දිනයක පවත්වන ලෙස එම ලියවිල්ල සභාගත කරනවා’ යැයි වැඩිදුරටත් පැවසීය.