හෝමාගම නිවසක සඟවා තිබූ ගිනිඅවි-අත්බෝම්බ-ජීව උණ්ඩ සමඟ කාන්තාවක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
හෝමාගම පිටිපන සිල්වෙස්ටන් වත්ත 4 වන පටුමගේ නිවසක රහස් කුටියක සගවා තිබූ ගිනි අවි ,අත් බෝම්බ හා ජීව උණ්ඩ සමග එම නිවසේ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
 
බොඩි ආමර් 2 යි,රිපිටර් ශොට් ගන් 1 යි,එම සජීවී උණ්ඩ 4 යි,අත් බෝම්බ 7 යි,හදුනා නොගත් ජීව උණ්ඩ 4 ක් පොලිස් භාරයට ගෙන ඇත
 
මෙම සැකකාරිය ඉකුත් 29 වෙනිදා පිටිපන දී ගිනි අවි 12 ක් සමග අත්අඩංගුවට ගත්  ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ බව පොලිසිය කියයි .

(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)