හොරොයින් සමඟ අඹූසැමි යුවළක් අත්අඩංගුවට



 
සුමතිපාල දීයගහගේ සහ  ඩි ජි සුගතපාල
 
රත්ගම විජේරත්න මාවතේ දී හෙරොයින් මිලිග්‍රෑම් 3166 ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත කරන ලද වැටලීමේ දී හෙරොයින් මිලිග්‍රෑම් 1906 ක් සමඟ සැකකාර සැමියා මහමඟදී අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් මිලිග්‍රෑම් 1260 ක් සමඟ සැකකරුගේ බිරිඳ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අඹුසැමි යුවළගේ දරුවන් පස් දෙනෙකු ළමා නිවාසවලට බාරදී ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

සැකකරු 53 හැවිරිදි අයකු බවත් සැකකාරිය 33 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය පවසයි.