(ඉන්දිකා රාමනයක)
නාවලපිටිය කොළපතන කැටකිඹුලාවල ප‍්‍රදේශයේ වෙළඳසලක් නීතිවිරෝධී ලෙස වල් ඌරුමස් අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් මස් කිලෝ 80 ක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු සිය වෙළඳසැල තුළ හොර රහසේ වල් ඌරුමස් අලෙවි කරන බවට විශේෂ කාර්ය බළකාය ලැබුණ තොරතුරක් මත තලවකැලේ කඳවුරේ භට කණ්ඩායමක් කළ සෝදිසි මෙහෙයුමක දී අධිශීතකරණය තුළ තිබී සොයා ගෙන ඇත.