(හේමලතා ඩී හේවගේ)
බිංගිරිය - බෝවත්ත නගරයේ නවතා තිබු යතුරුපැදියක් සොරාගෙන විත් පන්නල නගරයේදි අලෙවි කිරිමට සුදානමින් සිටි පුද්ගලයකු අද (19) අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇත. යතුරුපැදියේ අංක තහඩු ද ඉවත් කර තිබු බවත් සැකකරු මීට ඉහතදී ගෙවල් බිඳුම් තුනකට සම්බන්ධව අධිකරණයේ නඩු පවරා ඇති අයකු බවත් දැනගත හැකි වු බව පොලිසිය කියයි.
සැකකරු 29 හැවිරිදි ගල්ගම්මුල්ල,වැවගම පදිංචිකරුවෙකි.