හොරෙන් පස් කෑපූ වාහන ප්‍රා.සභාපති රැගෙන ගිහින්


(චන්ද්‍ර සේන ගමගේ)

තිස්සමහාරාම කිරින්ද සිතුල්පව්ව මාර්ගයේ උද්දකන්දර ප්‍රදේශයේ  රජයේ භුමියක බලපත්‍ර නොමැතිව පස් කපමින් සිටි ජේ.සී.බී. යන්ත්‍රයක් හා පස් ප්‍රවාහනය සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථ 04ක් අද (07) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.

අනවසරයෙන් පස් කැපීම සඳහා යොදාගත් ජේ. සී.බී. යන්ත්‍රය හා ට්‍රැක්ටර් 04  කිරින්ද පොලිසිය වෙත රැගෙන එමින් සිටියදී තිස්සමහාරාම යෝදකන්ඩිය ප්‍රදේශයේදී ප්‍රදේශීය සභා  සභාපතිවරයා තවත් පිරිසක් සමඟ පැමිණ පොලිසියට බලපෑම් කොට අත්අඩංගුවට පත් ජේ.සී.බී යන්ත්‍රයත් ට්‍රැක්ටර් 04 රැගෙන ගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තවත් පිරිසක් සමඟ පැමිණ කළහකාරීව හැසිරුණු බව පොලිසිය පවසයි.