හොරෙන් ජලය ගත් 908 ගෙන් දඩ අයකර ගනී


ජයන්ත සමරකෝන්
 
කොළඹ නගර සීමාව තුළ ගතවූ මාස 10 ක හොරෙන් ජලය ලබාගත් 908 දෙනෙකුගෙන් රුපියල් කෝටි 4 හාමාරක පමණ දඩ මුදලක් අයකර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කොළඹ අනවසර ජල වැටලීමේ ඒකකය පවසයි.


මෙහිදී හොරෙන් ජලය ලබාගත් නිවාස 418ක් ද, ව්‍යාපාරික ස්ථාන 498ක් ද සොයාගෙන ඇතැයි එම ජල වැටලීම් ඒකකය සඳහන් කරයි.