(ඩී.කේ.රත්න)
විදෙස් රටකින් ව්‍යාජ ලෙස ගෙන්වන ලද සිගරට් පැකට් 170ක් සමග පුද්ගලයෙකු ඇල්ල නගරයේදී අද (27) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල බදුලුපිටිය පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
පොලීසිය ඇල්ල නගරයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරු ගමන් බෑගයක් රැගෙන සැකකටයුතු අයුරින් හැසිරෙමින් සිටි බවද, බෑගය සෝදිසි කිරීමේදී එහි තිබී ව්‍යාජ සිගරට් තොගය සොයා ගත් බවද පොලිසිය පවසයි.
ඇල්ල නගරයට පැමිණෙන විදේශිකයන් සඳහා මෙම සිගරට් අලෙවි කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

