( හේමලතා ඩී හේවගේ )
බලපත‍්‍ර නොමැතිව සහ බලපත‍්‍ර නීති උල්ලංඝණය කර වැලි ප‍්‍රවාහනය කළ ටිපර් රථ 02 සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය පවසයි.
කඳානෙගෙඳර - යායමුල්ල සහ පන්නල - මාකඳුර යන මාර්ගවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පන්නල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී කුමාරදාස මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.