රත්තරන් පාට කළ යකඩ කෑලි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකුණන්නට ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
නිධානයකින් ගත් බව කියමින් මෙම මරංචි විශේෂය විකුණන්ට තැත් කර ඇති බව කියති. හොරොව්පතාන වාහල්කඩ පෙදෙසේදී ගැනුම්කරුවන් ලෙස වෙස් වළාගෙන ගිය පොලිසියට සැකකරුවන් හසුවී ඇති අතර රන් බව පෙන්වමින් මේවා ව්‍යාජ ලෙස සකස්කර අලෙවි කරන පිරිස් සිටින බව පොලිසිය කියයි.

