(නිමන්ති රණසිංහ)
ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් 70 දෙනෙකුගේ නම්වලින් ණය ඉල්ලූම් පත් ගොනු සකසා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ණය මුදල් ලබාගත් බව කියන කොළඹ කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලවීර මහත්මිය අද (15) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ කොළඹ කම්කරු කාර්යාලයේ හිටපු කාර්යාල කාර්ය සහායකවරයකු වූ රුවන් සංජය රණසිංහ, එහි කම්කරු නිලධාරියකු වූ ලේකම්ගේ ලංකා ජගත් කිත්සිරි පනාගොඩ, මෙම සිද්ධියට අදාළ මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ එරන්ග නන්දිත වීරසේකර සහ වරාය අධිකාරියේ සේවයේ නියුතුව සිටි මොහොමඞ් සාලි මොහොමඞ් නවාස් නැමැති සැකකරුවන් සිව් දෙනාය.
මෙම සිද්ධියට අදාළව ව්‍යාජ ලේඛණ පරිගණකයෙන් සකස් කළ බව කියන තවත් එක් සැකකරුවකු වූ සිංකාරවේල් තිලීපන් නැමැත්තා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.