හොර තීන්ත අලෙවි කළ ස්ථානයක් වටලයි


(ඩබ්ලිව්. ඒ. පියතිලක)

පොළොන්නරුව කුරුප්පු හන්දියේ නිවසක පවත්වාගෙන ගිය කල් ඉකුත්වූ තීන්ත යළි නව ලේබල් යටතේ අලෙවි කළ ස්ථානයක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව පාරිභෝගික අධිකාරිය අද(18) සමත් විය.

රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා නිවෙස්වල ආලේප කරන තීන්ත එසේ ඉදිරි වසර 3ක් සඳහා දින යොදමින් නව ලේබල් යටතේ සකස් කරමින් තිබියදී අදාළ වැටලීම සිදුකර ඇත.