හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම සාලියවැව ප්‍රදේශයේදි හෙරෝයින් මිලි ග්‍රැම් 160 ක් සන්තකයේ තබා ගෙන සිටි ලංගම බස් කොන්දොස්තර වරයකු අද (25) අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ වෙන්නප්පුව ලංගම ඩිපෝවේ සේවය කරන කොන්දොස්තර වරයකු වන අතර මොහු සාලියවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් පොලිසියට ලැබුන තොරතුරක් මත මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සාලියවැව නගරයේ ගමන් කරමින් සිටියදි බව කියයි.
අත් අඩංගවට ගත් සැකකරු 26 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි .

