(එස් .ඩි.කොඩිකාර )
හෙරොයින් මිලි ග්‍රෑම් 980 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (08) අකුරැස්ස පොලිස් වසමට අයත් හුලන්දාව ප්‍රදේශයේදී මාතර කොට්ඨාශයේ විශේෂ යතුරු පැදි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුලන්දාව විකසිත ගම ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු සහතලංගල්ල ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගන්නා ලද පළමු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම්570 ක් දෙවන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 230 ක් සහ තෙවන සැකකරු සන්තකයේ තිබීහෙරොයින් මිලිග්‍රෑම් 180 ක්සොයා ගැනීමට මෙම නිලධාරීන් නිළධාරීන් කණ්ඩායම සමත් වී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්මේ වන විට පිටබැද්දර පොලිස් ස්ථානයේ රඳවා ඇති අතරඔවුන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .