හෙරොයින් සමඟ ගුවන් තොටෙන් අයෙක් අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල )

 

                     

රුපියල් එක් කෝටි හැට ලක්ෂ හැට දහසක් වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්තාන ජාතිකයකු අද (17) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

               

මොහු 35 හැවිරිදි පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයෙකි.

 

ඔහු අද (17) උදෑසන 8.15 ට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරණ ගුවන් යානයෙන් මස්කට් හරහා පකිස්තානයේ කරච්චි  නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

 

මොහු  රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 606 ක් සඟවා ගෙන තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.