හෙරොයින් සමඟ කාන්තාවක් පන්නිපිටියේදී අත්අඩංගුවට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පන්නිපිටිය කැන්දහේන වත්ත ප්‍රදේශයේ වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය කැන්දහේන වත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි

සැකකාරියගේ අත් බෑගයේ එක් පාර්සලයක තිබී හෙරොයින් පැකට් 40 ක් සහ තවත් පාර්සලයක තිබී හෙරොයින් පැකට් 5 ක් අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළේය.

හෙරොයින් ප්‍රවාහනය කිරීමට භාවිතා කළ වෑන් රථය සහ ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන තිබේ.