
(ඡායාරූප - හිරාන් ප්‍රියකංර)
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී හෙරොයින්, මාවා හා රුපියල් 60,000කට ආසන්න මුදලක් සමග සැකකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව අද(20) පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම, කල්අඩිය හා මීගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 5දෙනෙකි.
පුත්තලම මූලස්ථාන පොලිසියේ බුද්ධි අංශ නිලධාරින් ලද තොරතුරක් මත, පොලීසියේ සුනඛ ඒකකයේ ‘සැන්ඩ්‍රා’ සුනඛයාව යොදා ගනිමින් මෙම වැටලීම කර තිබුණි.
අදාල වැටලීමේදී රුපියල් 65,000කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 200ට ආසන්න ප්‍රමාණයක්ද, රුපියල් 20,000ට ආසන්න වටිනාකමකින් යුත් මාවා සැකසීමට යොදා ගන්නා දුංකොළ පැකට් දෙකක් ද, හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් යතුරුපැදියක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (21) පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - එච්. චන්දන)

