අනීෂා මානගේ
නීතිවිරෝධී ලෙස සහල් වර්ණ ගැන්වීම සිදුකළ ස්ථානයක් අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ නිළධාරින් විසින් වටලා එම ස්ථානයේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත.
හුංගම දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති සහල් මෝලක් මෙලෙස වටලා ඇති අතර ප්‍රමිතියෙන් අඩු සහල් රෝස සහල් බවට පත්කිරීම මෙම ස්ථානයේ කාලයක සිට සිදුකර තිබේ.
සහල් වැඩි මිළට විකිණීම සඳහා රෝස පැහැ කිරීමට අවශ්‍ය වර්ණක යොදා ඇත. සහල් මෝලෙහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සහල් මෝල සීල් තබා තිබේ.