ඩී.ජී.සුගතපාල
මාතර -මත්තල අධිවේගි මාර්ගයේ හුංගම කොටවාය වැඩබිමේ සේවය කරන චීන ජාතික ඉංජිනේරුවරයකුට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදීම නිසා ඔහු තංගල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.
අධිවේගි මාර්ගය ඉදිකිරිම නිසා අඟුණකොලපැලැස්ස සිට වීරකැටිය දක්වා ගමන් කිරිමට පස් දමා විකල්ප මාර්ගයක් සකස් කර දී ඇති අතර එයට තාර දමා දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉංජිනේරුවරයාගෙන් ඉල්ලා ඇත.
එහිදී ඇතිවු බහින් බස් විමකදී ප්‍රදේශවාසින් විසින් පහරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.