හිසට සෙවනක් නැති පවුලකට වන අලි ප්‍රහාරයක්


(රෝවන් පෙරේරා)

වන අලියකු පහරදීමෙන් එකම පවුලේ පියා (45) මියගොස් මව සහ දියණිය තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.

මොවුන්ට පදිංචි වීමට නිවසක් නොමැතිකම හේතුවෙන් පොදු කටයුතු සදහා ඉදිකරන ලද ගොඩනැගිල්ලක ජීවත් වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

අද(01) අලුයම 4.00ට වන අලියකු ඔවුන් සිටි ගොඩනැගිල්ලට පහරදී ඇති අතර ඉන් බේරීමට ඔවුන් අසල නිවසක් වෙත දිවගොස් තිබේ.එහිදි ඔවුන් පහරදීමට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.