හිමි නමකගේ මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පූජනිය ස්ථාන වැද පුදා ගැනිමට තිස්සමහාරාමයේ සිට පැමිණි වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ නමක ගෙන් රුපියල් හතලිස් පන්දහසක මුදලක් මංකොල්ල කැවේ යැයි කියන සිද්ධයක් සම්බන්ධයෙන් අද (03) සැකපිට ත්‍රි රෝද රථ රියදුරෙක් සහ ත්‍රි රෝද රථ දෙකක් අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙම සිද්ධියට ලක්ව ඇත්තේ තිස්සමහාරාමයේ කාවන්තිස්සපුර ශ්‍රි සුමනාරාමයේ වැඩ වෙසෙන පාතේගම රතනසාර(72) නැමති හිමිනමකි. 

මෙම හිමිනම පසුගිය 01 වැනි දින තිස්සමහාරාමයේ සිට අනුරාධපුර නගරයට පැමිණ ජේතාවනාරාමයට යාමට ත්‍රි රෝද රථයකට ගොඩවි මද දුරක් යද්දි ත්‍රි රෝද රථ රියදුරා එහි ඉන්ධන අවසන්වි ඇති බව පවසා වෙනත් ත්‍රි රෝද රථයක් රියදුරෙකු සමග ගෙන්වා ගෙන මෙම හිමිනම ත්‍රි රෝද රථයේ නංවා ගෙන අනුරාධපුර කොහොඹගස්හන්දිය අසල පාලු ස්ථානයකදි රියදුරන් දෙදෙනා විසින් හිමිනමගේ සිවුරේ බද පටියේ තිබු මුදල් පැහැර ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම මුදල් පැහැර ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිමිනම කළ පැමිණිල්ල මත පොලිස් නිලධාරින් පරීක්ෂණ  පවත්වා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.