හිමාල තරණයට පළමු වරට සරසවි සිසුවියක්


හිමාලය ගවේෂණය සදහා මෙවර ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ප්‍රථම වරට පේරාදෙණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ තෙවැනි වසරේ සිසුවියක් ඇතුළු සිසුන් දෙනෛකු හා ඉංජිනේරු පීඨයේ අධ්‍යාපන උපදේශකයකු ඉදිරිපත්වි ඇතැයි පේරාදෙණි විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ සභාපති ෂෙහාන් නානයක්කාර පවසයි.

1971 ඇරඹි පේරාදෙණි විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ ශිෂ්‍ය සංගමය මගින් දිය ඇලි , කඳු, කඳු වැටි පරිසර ගවේෂනයන් හා සමාජ සත්කාර ව්‍යාපෘතින් සෑම වසරකදීම සිදුකරන බව එම සංගමයේ සභාපති සඳහන් කළේය.

‍විද්‍යා පීඨයේ ඔමේෂා ජයමිණි සිල්වා, ඉංජිනේරු පීඨයේ ප්‍රණාම මතගවීර,  සකුන් උපේක්ෂණ හා ඉංජිනේරු පිඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ ලබන 29 වැනිදා කත්මන්ඩු සිට සැලරි දක්වා ගමන් කර සැලරි සිටි මීටර් 2720 ක් රින්ග්මු ඔස්සේ නොවැම්බර් 15 වෙනිදා එවරස්ට් බේස් කැම්ප් දක්වා ගොස් ගමන අවසන් කිරිමට නියමිතය.

හිමාල ගවේෂනය සදහා විශ්ව විද්‍යාලයකින් ඉදිරිපත් වි ඇති ප්‍රථම හා ලාබාලතම ශිෂ්‍යාව ලෙස උමේෂා ජයමිනි සිල්වා හැඳින්විය හැකි බවද ඔහු කියයි.

web_himala---------------------