(ක.ග.කරුණාරත්න)
හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අද(20) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
සැකකරුවන් පොළොන්නරුව, මොණරතැන්න සහ ලක්‍ෂඋයන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මත්කුඩු සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.සැකකරුවන් මත්කුඩු ජාවාරමකට සම්බන්‍ධ අයද යන්න පිළිබඳව සොයා බලන බවද පොලීසිය පැවැසීය.
පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.