(අනීෂා මානගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයට විරෝධය දක්වමින් අද (14) කටුවන කිරම ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් පැවැත්විණි.
මෙම විරෝධතාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මුල්කිරිගල ආසනයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ කටුවන කිරම හන්දියේ සිට කිරම ධම්මානන්ද විද්‍යාලය අසලට පැමිණ විරෝධතාවය අවසන් කළහ.
මෙම විරෝධතාවය සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන කපිල දිසානායක, ඩී.වී.උපුල්, සිංහ සමන්කුමාර, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ගමාච්චි, කටුවන හා වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් පිරිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගී වූහ.