(ඩබි.ඒ පියතිලක)
වැටුප් වැඩි කරන ලෙසත් අහෝසි කළ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන ලෙසත් සහ වැඩ කරන ජනතාවගේ ආර්ථ සාධක අරමුදලට පාලකයින්ට අත නොතබන ලෙසත් ඉල්ලා ලංකා ගරු සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (17) හිගුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.
උද්ඝෝෂකයෝ හිගුරක්ගොඩ ගම්උදා භූමියෙන් උද්ඝෝෂණය ආරම්භ කර හිගුරක්ගොඩ නගරය දක්වා පා ගමනින් පැමිණ ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ නිරතවූහ.
මෙම උද්ඝෝෂණය සඳහා ලංකා ගුරු සංගමය , අන්තර් වෘත්තිය සමිති සංගමය , තැපැල් සේවක සංගමය , විදුල සේවක සංගමය සහ පුද්ගලික සේවා ආයතන සේවකයින් 500ක පමණ පරිසක් සහභාගි වී සිටිහ.