හික්කඩුව හෝටල් කාමරයක හදිසි ගින්නක්


(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
හික්කඩුව වැවල ප්‍රදේශයේ  සංචාරක හෝටලයක තුන්වැනි මහලේ කාමරයක අද (17) උදැසන  ඇතිවු ගින්නකින්  එම කාමරය සම්පූර්ණයෙන්ම හානිවි ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.


 අද පෙරවරු 7.00ට පමණ මෙකි කාමරය තුල ගින්න ඇති වි තිබේ. මෙම හෝටල් කාමරයේ   ලැගුම්ගෙන සිටි විදේශිකයින්  දෙදෙනා  ඊයේ ඉන් පිටව ගොස් ඇත. ගින්න ඇතිවන අවස්ථාවේ තුන්වැනි මහලේ  අනිකුත් කාමරවල ලැගුම්ගෙන සිටි  විදේශිකයින් හික්කඩුව පොලිසියේ පොලිස් නිලධාරින්, හෝටල් සේවකයින් හා හෝටල් හිමියන් එක්ව  ඉවත් කිරීමට කටයුතු කර ඇත.


මොවුන් එක්වී කාමරය තුල පැතිර යමින් තිබු ගින්න නිවා දැමිමට ද කටයුතු කර ඇත. කාමරයතුල තිබු ඇඳන්, වායු සමිකරණ ඇතුළු අනිකුත් උපකරණ ගිනිගැනීම නිසා විනාශ වී ඇත.


විදුලි  කාන්දුවීමකින් මෙම ගින්න  ඇති වි තිබෙන බවට පොලිසිය සැකකරයි. හික්කඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.