හැඳුනුම්පත් එක්දින සේවාව පළාත් මට්ටමිනුත්


(ජයන්ත සමරකෝන්)

ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව පළාත් මට්ටමින් ආරම්භ කිරිම නුදුරේදීම සිදු කෙරෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ගාල්ල පළාත් කාර්යාලයෙන් මෙම වැඩපිළිවෙළ ප්‍රථම වරට ආරම්භ කෙරෙන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (14) පැවසීය.

මේ වනවිට මඩකලපුව, වව්නතිව් හා කුරුණෑගල ප්‍රදේශ ආවරණය වන අයුරින් පළාත් කාර්යාල පිහිටුවා ඇති අතර, එම කාර්යාලවලින් ද එක්දින සේවා පහසුකම් ලබාගත හැකි වන බවද ඒ මහතා කීය.

දැනට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවා හැඳුනුම්පත් සඳහා පවතින තදබදය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

දිනකට ප්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන එක්දින සේවා හැඳුනුම්පත් සංඛ්‍යාව 2500 කට ආසන්නය.