හැදුනුම්පත් 51 සමග අයෙක් අල්ලයි


(පාලිත ආරියවංශ)

 ජාතික හැදුනුම්පත් 51  ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ දිමුතුගමදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය  පවසයි .

සැකකරු මුදල් පොලියට දීම සදහා මෙම හැදුනුම්පත් ලබාගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

අන්සතු හැදුනුම්පත් ළග තබාගැනීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව නඩු පවරන බව වැලිමඩ පොලිසිය පවසයි.