රංජිත් රාජපක්ෂ
හැටන් වටවල වතුයායේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් සිව් දරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය කියයි.
ඊයේ (17) පස්වරු 6.30 පමණ වටවල වතුයායේ බීමත්ව පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ගැටුමට සම්බන්ධ දෙපාර්ශවය ගල් ප්‍රහාරයක් එල්ල කර ගැනිමේදී මොහුට මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි සෙම්බගම් පොන්නුසාමි නැමති සිව් දරු පියෙකි.
මෙම ගැටුමට සම්බන්ධ දෙදෙනෙකු තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිව්දරු පියාට ගලකින් පහර දුන්නේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම වතු යායේම පදිංචි දෙදෙනෙකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවාස වලටද කිසියම් පිරිසක් පහර දි අලාභ හානි සිදු කර තිබේ.